ඉදිවෙමින් පවතින චෛත්‍යය

29 Nov

ඉදිවෙමින් පවතින චෛත්‍යය

මීට වසර කීපයකට උඩදී කළුහෙන්දිවල මයුරාවතී පුරාණ විහාරස්ථානයේදී එංගලන්තයේ පදිංචි ආචාර්ය්‍ය එස්. එම්. විජේවර්ධන මහත්මා මට හමුවිය. එතුමා එවකට එම විහාරස්ථානයේ විහාරමන්දිරයක් ඉදිකිරීමේ කටයුතුවල නියලී සිටියේය. ඒ සඳහා තම ධනය, ශ්‍රමය කැපකරමින් සිටින විට මා හටද දැන හඳුනා ගැනීමට හැකිවිය.

කාලයක් ගතවී ගොස් නැවත ලක් මව වෙත සපැමිණි එතුමා මා සමඟ නොයෙක් දහම් කරුණු දැන ගනිමින් සිටින විට එතුමාගේ සිතට නවමු අදහසක් පහල වූ බව මා සමඟ පැවසීය. එය කුමක්දැයි දැන ගැනීමට මටද කුතුහලයක් විය. ඒ පිළිබඳව විමසීමේදී එතුමාට චෛත්‍යයක් ඉදිකිරීමට දැඩි ආශාවක් පවතින බවයි. එවිට අප විහාරස්ථානයේ චෛත්‍යයක අඩුවක් පවතින බැවින් එය ඉදිකිරීම ශ්‍රී සුගතාරාම විහාරස්ථානය තෝරා ගත්තේය.

එහි ප්‍රතිඵලයක් ලෙස 2018 නොවැම්බර් මස 21 වෙනි දින උදෑසන 10.08 ට මුල් ගල තබමින් චෛත්‍යය ඉදිකිරීමේ වැඩ ආරම්භ කල බව සතුටින් දන්වමි.

ආචාර්ය්‍ය එස්. එම්. විජේවර්ධන මහත්මා ලහි ලහියේ චෛත්‍යය ඉදිකිරීමේ මූලික කටයුතු සකස් කරමින් චෛත්‍යය ඉදිකිරීමේ කටයුතු කරගෙන යන බව සතුටින් දන්වා සිටිමි.

ඔබ සැමටද මෙම මාහැඟි පුණ්‍යකර්මයට ආධාර කළ හැකි බව කරුණාවෙන් සිහිපත් කරමි.
ඇස්තමේන්තු මුදල රුපියල් ලක්‍ෂ 87 ක් පමණ වේයැයි ගණන් බලා ඇති බව කරුණාවෙන් දන්වමි.